Sunday, February 16, 2014

ලිව්වේ බඩී වෙලාව 8:34 PM | 24 comments

Online Love

ඉස්සරම කාලේ යාළු වුනේ, සල්පිලක වගේ දැකල...
.
පස්සේ අරයගේ මෙයාගේ යාළුවා වෙඩිමකදි / ගෙදරකදි දැකල... එහෙමත් නැත්තම් එකට වැඩ කරල... එහෙමත් නැත්තම් පාසල් ප්‍රේමය හරි ටියුෂන් ප්‍රේමය හරි...
.
ඊලඟ ට්‍රේන්ඩ් එක උනේ මිස් කෝල් එකක්...
.
දැන් අළුත්ම එක ෆේස් බුක් එහෙමත් නැත්තම් ඔන්ලයින් ලව්.
.
මගේ හොඳම යාළුවෙක් ඉන්නවා, ෆේස් බූක් එක නිසා යාළු වෙලා, බැඳල දැන් සතුටින් ඉන්න. ඒ වගේම සීයකට වඩා උදාහරණ තියෙනවා ෆේස් බුක් ලව් අවුල් වෙලා, ජිවිතේම ඇණ ගත්තු අය..... කොහොමහරි මේ ඒ හැමොම වෙනුවෙන්.


ගුඩ් මෝනින්
ඔයාට කොහොමද බබා
හොදින් නේ
අද එන්නත් පරක්කු උනා
කම්මැලිකමෙන් මං හිටියේ
ඔයා නැතිව දැන් ඉන්නම බැහැ
සංසාර පුරුද්දද කොහෙද
මේ...
වහිනවත් එක්ක
ලගවත් හිටිය නම් මේ වෙලාවේ
ස්කයිප් එන්න බැරිද
හරිම ලස්සනයි ඔයා
ආස හිතෙනවා
කවද්ද මං ඔයාව බලන්නේ
නැහැ නැහැ
මං කියන්නේ ඇත්තටම
ඉවසිල්ලක් නැහැ දකිනකන්
හ්ම්..... හරි.
එහෙනම් මං බලන් ඉන්නවා.
ආදරෙයි



පී. ඇස් : ඔන්න ඔහොමයිලු වෙලා තියෙන්නේ ඇන්ඩ් වෙන්නේ... වෙන්නෙත් බොහො දුරට. දෙන්නට දෙන්න ගැලපෙනවා නම් ඉතුරු සාධක හැම එකක්ම වැඩකට නැති දෙයක් වෙනවා.  Vice Versa ;)

Tuesday, January 28, 2014

ලිව්වේ බඩී වෙලාව 11:05 PM | 20 comments

ආදරේ ගැන....................


හ්ම්..... ආදරේ ගැන....

“දන්නවාද? ආදරේ කියන්නේ හරි…ම ලස්සන දෙයක්”. දවල් කෑම එක කන ගමන් කිටී මට කියනවා.

“නවකතාවල නෙහ්?” මං එයාට විහිළු කරනවා. එයාව බොරුවට කෙන්ති ගස්සන්න හිතාගෙනම නෙවි, එත් මගේ හිත මට එහෙම කියන නිසා. කොහොමත් කිටීට කෙන්ති යනවා මං දැකලම නැහැ. එතකොට මං ආදරේ ගැන විස්වාශ කරන්නේ නැත්තේ ඇයි කියල කිටියා මගෙන් අහනවා.