Wednesday, April 30, 2014

ලිව්වේ බඩී වෙලාව 3:41 AM | 36 comments

Missed-Call-Wrong-Number

ට්‍රීං ට්‍රීං....
කව්ද?
***** ඉන්නවද?
නැහැ. වැරදි නොම්බරයක්.
සොරි....


ට්‍රීං ට්‍රීං
ඇයි මේ?
ඔයාගේ නම මොකක්ද?
මං සෙව්වන්දි
ලස්සනයි...


ට්‍රීං ට්‍රීං
ඔයාගේ කටහඬ හරිම ලස්සනයි.
තෑන්ක්ස් අයියා
ඉතිං... ගෙදර තනියෙමද ඉන්නේ.
ඔව් අයියා.

ට්‍රීං ට්‍රීං
මගේ රෝස මල
පිස්සු ඔයාට
ඔව්... ඔයා නිසා.
ආදරෙයි මං
මාත්....

ට්‍රීං ට්‍රීං
අපි හම්බ වෙමුද?
කොහෙද?
අපි යමු ගම්පහ.
එහේ ලස්සනයි...
ඇත්තටමද?

ට්‍රීං ට්‍රීං
මං බස් හෝල්ට් එකේ
කවුරුත් දැක්කොත්?
රූම් එහෙකට යමු, කතා කරන්න
නිදහසේ.....

ට්‍රීං ට්‍රීං
හෙලො... මිසිස්. සෙව්වන්දි
ඔව්.
ඔයාගේ ටෙස්ට් රිසල්ට්ස් ආව
hCG පොසිටිව්
ආහ්.....

ට්‍රීං ට්‍රීං
ඔබ ඇමතු අංකයෙන් ප්‍රතිචාරයක් නොමැත. කරුණාකර පසුව අමතන්න.

.
ට්‍රීං ට්‍රීං
ඔබ ඇමතු අංකය තාවකාලිකව විසන්ධි කර ඇත.

.
ට්‍රීං ට්‍රීං

.
ට්‍රීං ට්‍රීං
.

ට්‍රීං ට්‍රීං
.

ට්‍රීං ට්‍රීං
.

ට්‍රීං ට්‍රීං
.
.
.
ඔබ ඇමතු අංකය භාවිතයේ නොමැත, කරුණාකර අංකය පරීක්ෂා කර බලා නැවත අමතන්න.
Categories:

36 comments:

  1. කාට කියන්නද? දිගම දිග කතාවක් කෙටියෙන් නිර්මානාත්මක බව උපරිමයි .. මේවට අපි කියන්නේ පට්ට කියලා

    ReplyDelete
    Replies
    1. ස්තුති ඉවාන්... ලියන්න දෙයක් හිතල, හදිස්සියෙන් ලියුවා... අගේ කිරිම ගොඩාක් වටිනවා. :)

      Delete
  2. ට්‍රීං................
    ඔබට කෙළවූ අංකය දැන් තවත් ගොදුරක් සොයමින් සිටී.. කරුණාකර ප්‍රවේශම්වන්න..

    ReplyDelete
    Replies
    1. කොච්චර කිව්වත්, පරිස්සම් වෙන්නේ නැහැ... :( කරුමේ...

      Delete
  3. ඇත්ත ඕක තමයි.......නිර්මාණාත්මකයි....

    ReplyDelete
    Replies
    1. එකෙන්ම...... :( අවාසනාවට වගේ.

      ස්තුති ආවට, කියෙව්වට :)

      Delete
  4. මොනවා කියන්නද! තවත් පියෙක් නොදන්නා අසරණයෙක් ගේ උප්පත්තියක්!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්... සමහර විට, නූපන්න දරුවෙකුගේ මරණයක් වෙන්නත් පුළුවන් :(

      Delete
  5. ට්‍රීං ට්‍රීං....වෙච්චි දෙයක්...
    හරි ම නිර්මාණාත්මක යි බඩියො :) පට්ටයි...වත්මන් තරුණ අසහනයේ ඛේදවාචකය ද මන්ද ;)

    *විසන්ධි
    පරීක්ෂා

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඕන්න හැදුවා ඈහ් ;) ස්තුති....

      Delete
  6. Replies
    1. ස්තුති ධනුෂ්..... ආයෙම ඇවිත් යන්න එන්න :)

      Delete
  7. ඔබේ බ්ලොග් අඩවියත් අපේ බ්ලොග් දර්ශකයට යොමු කරන්න

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තුති අජිත් ආරාධනාවට :)

      Delete
  8. hCG කියන්නේ මොකද්ද බඩ්ස්? අර කුරකට චූ කරලා බලන්නේ ඒකද?

    ReplyDelete
    Replies
    1. මූ ඒක කොරන හැටිත් දන්නව නෙව ;)

      Delete
    2. සිරාවට...... කරන හැටිත් දන්නේ.... හ්ම්..... අපිට නොකියා... හ්ම්.... හ්ම්.... හ්ම්.... ;)

      Delete
    3. අත්දැකීම් කතා කරයි

      Delete
  9. නියමයි.. හුඟක් දිග කතාවක් පද පේලි කිපයකින් ලියලා...

    ReplyDelete
    Replies
    1. ස්තුති දිනේෂ්... නිතර අහන්න දකින්න ලැබෙන දෙයක්... සමහරු ඉන්නවා, හරියට නම ගමවත් දන්නේ නැහැ, එත් "ආදරේ" වෙනුවෙන් මෝඩ වැඩ කරල... :(

      Delete
  10. මොකුත් කියන්නේ නෑ .....

    http://ganakamadura.blogspot.com/2014/01/bee.html

    ReplyDelete
    Replies
    1. "බඹර කඩිනම 18+" මට නොතේරුනු ඔයාගේ කවිය... ;) දැන් හරි.... :)

      Delete
  11. ට්‍රෝජිMay 1, 2014 at 11:05 AM

    ගම්පහ ලස්සනද බඩී?
    නිර්මාණය විශිෂ්ටයි

    ReplyDelete
    Replies
    1. ස්තුති ට්‍රෝජි ආවට. ඔයා මෙහෙට ආපු පළවෙනි පාර නේ? :) ගම්පහ ලස්සනද මන්ද. මං ගිහින්ම නැහැ. මුලින්ම හිතුනේ නුවර දාන්න. එත් බැහැ කියල හිතුනා. කුරුණෑගලත් බැහැ වගේ ගම නිසා. ඒ නිසා ගම්පහ කෑවා :D

      Delete
  12. ට්‍රීං ට්‍රීං

    ලඹා හා කාන්තා විමරුශන ඒකකයද??

    ReplyDelete
    Replies
    1. ඒවා වලින් ලොකුවට යමක් වෙන්නෙ නැහැ. අනික් අතට දෙයක් උනාට පස්සේ, එතැනට ගියත් ඇති වැඩකුත් නැහැ :(

      Delete
  13. පට්ට
    මැක්සා...
    සුපිරි
    උපරිමයි...
    වෙන මොනා කියන්නද අනේ මේ වගේ ඒවට
    ගින්දර තමා කියල මිසක්

    ReplyDelete
    Replies
    1. ස්තුති මහෙෂ්... ටිකක් දිග කතාවක්, කෙටියෙන් :)

      Delete
  14. දිග කතාවක්.. වචන ටිකකින්..

    ඒ අස්සෙම ලිංගික කාරනා ගැන අපේ උන්ට තියෙන නොදැනුවත් භාවයත් කදිමට කියවෙනවා...

    ReplyDelete
  15. සංතෝසයි! වෙන මොනව කියන්නද? නිර්මාන-ශීලියි! ;)

    ReplyDelete
  16. හත් ඉලව්වේ.............. නියමයි කියන්නෙ උපරිමයි.

    ReplyDelete
  17. හහ්! අදනෙ අහුවුනේ කතාව.ජීවිතයක් තරම් දිග කතාවක් චූටියට ලියල.සුපිරියි අක්කේ!

    ReplyDelete
  18. පට්ට, පරිකල්පනය හා සාරාංශ ගත කිරීම උපරිමයි. ජය

    ReplyDelete
  19. මේක ලියලා දැන් ශතවර්ෂ ගානක් පහුවෙලා, මම දැන් දැක්කෙ :D
    ආදරේ කරන්න පුළුවන් හිතෙන් විතරයි, මොලෙන් ආදරේ කරන්න ගියොත් ඒක ආදරයක් වෙන්නෙ නෑ.. හැබැයි හිතින් ආදරේ කරනවා කියන්නෙ කොහොමත් අමාරුවේ වැටෙනවා.

    ReplyDelete