Wednesday, April 30, 2014

ලිව්වේ බඩී වෙලාව 3:41 AM | 36 comments

Missed-Call-Wrong-Number

ට්‍රීං ට්‍රීං....
කව්ද?
***** ඉන්නවද?
නැහැ. වැරදි නොම්බරයක්.
සොරි....

Tuesday, April 15, 2014

ලිව්වේ බඩී වෙලාව 11:05 PM | 18 comments

මං නුඹට

අඳුරු, වුණු
ඔබේ හිතට
එළිය දෙන
පහනක් වෙන්නම්...

දුකින් වියළුණු
හදට, සිසිලස
ගෙනෙන නිරතුරු 
දිය දහර වෙන්නම්...

අතරමං වූ
ඔබේ දිවියට
මග කියාදෙන
පහන් තරුව වෙන්නම්...

Monday, March 17, 2014

ලිව්වේ බඩී වෙලාව 3:09 AM | 28 comments

ඕපදුප....

අ.පේ.ට කාලෙකට කලින් ලියපු පරණ එකක්. කෙල්ලන්ගේ හයි-ටී එකක් දැකල ආපහු දාන්න හිතුනා.

හා............යි මෙයා,
ඉතින් මොකද කරන්නෙ,
බැදලා බබෙකුත් ඉන්නවා
-
ඇත්තට?
හස්බන්ඩ් තාම අරහෙද?
-
ඔව් මෙයා,
නැති එකමයි හොඳ...
-
එයි අරය ඩිවෝස් ලු
බඳිද්දීම හිතුව
දැඟලිල්ල වැඩි දෙන්නගෙම...
ඔව් අනේ
-
මේ මේ...
අරයගේ ළමය හෙන සුදුයි නේ?
කෝමද අනේ එහෙම උනේ?
කව්ද දන්නේ.
-
අපෝ මහත් වෙලා
නැහැ මෙයා.... දැන් ජිම් යනවා
-
සැලුන් ගියෙ නැද්ද?
-
දැන් ට්‍රෙන්ඩ් එක සයිඩ් ෆ්‍රින්ජ් ලු,
කොන්ඩෙ ටින්ට් කරන්න ඕන
ෆෙෂල් එකකුත්
-
එයි මේ.. ඔයා දැක්කද?
අතන ඇදුම් කඩේ හරි......ම අන්කොමන් මෙයා.
-
අර බඩ්ඩ බදිනවලු නේ?
කිව්වද?
කිව්වත් යන්නෙත් නැහැ
අපිට හරියට වැඩ
ඉතින් කවද්ද රට යන්නෙ
-
මේ... එයි.... අර, අරයද?
අර දෙන්න ගැලපෙන්නෙම නැහැ නේ
බැන්දෙ සල්ලි කාරයෙක්ලු
කට්ට කළුයි මිනිහ.
එතකොට අර සුදු කොල්ල?
ඒ කොල්ලට බුට් මෙයා
ඌට සල්ලි නැහැ,
ඌප්ස්... පව් වැඩේ...
-
අපෝ... අර ඇදුමේ හැටි විතරක්,
අළුත් ෆැෂන් ඒක මෙයා
-
මේහ් … මේ පාට මැචින්ද?
පොඩ්ඩක් රෙඩ් වැඩි වගේ...
අයිස් ක්‍රීම්ද, එපා එපා,
අයිම් ඩයටින් නෝ.
-
තේ එකක්?
මං යන්නත් ඕන දැන්,
දෝනි පියානෝ ලෙසන් වල
මං එපැයි ගන්න යන්න,
කොහෙද අපේ මනුස්සය නම්....
කිසී කමකට නැහැ
ගෝල්ෆ් පිත්ත අල්ල ගත්තම,
පවුල සිහියෙ නැහැ
-
පුතාව ස්කොලර්ශිප් ක්ලාස් යැව්ව
ඇයි රෝයල් නෙවිද?
දාගන්න උනේ නැහැ අනේ.
ශිහ්... අපරාදෙ.
දෝණි නම් විශාකා.
-
මේ මේ....
ඉස්කොලෙ පැත්තෙ යමුද දවසක
අරයගෙ ගෑස් බලන්න
අනේ මට නම් බැහැ
-
ඉතින්,
සී යු ලේටර් මෙයා
හයි ටී වලට සෙට් වෙමු,
ෂොට් ඊට්ස් එක්ක
පොඩි චැට් එකකට ආයෙම.
බා.............යී මෙයා.
යනව මං දැන් හොඳේ.

-
බුදු සරණයි!

 

Tuesday, March 4, 2014

ලිව්වේ බඩී වෙලාව 1:01 AM | 38 comments

අනුත්තරා නංගි ...........

“අනු නංගි තාත්තාගේ මිනිය දැකල, සිහිය නැති වෙලා. අනේ ගිහින් බලන්න අක්කේ”. සුදු නංගි එක පිම්මට මගේ කාමරේ ඇතුළට ඇවිත් හුස්මක් කටක් ගන්නේවත් නැතිව කියද්දි, මට හිතාගන්න බැරි උනා මොනව කියන්නද කියල. 

අනුත්තරා, එහෙම නැත්තම් අපේ අනු...

හ්ම්... එයා පුංචිම කාලේ එයාගේ වැදු අම්මයි හැදු තාත්තයි එයාට හරියට වෙනස්කම් කලා. උසාවියෙන් කෙල්ලව ළමාරක්ෂක එහෙකට දිලා, එහෙන් තමා අපේ ගාවට ආවේ. අපේ ගාවට කිව්වට එයා ආවේ ලොකු තාත්තා ගාවට, එත් ඉතිං අනික් අතට ලොකු තාත්ත 'අපේ' නේ? ඉතිං අනු නංගිත් අපේම උනා. අපේ ලොකු තාත්තට ළමයි හිටියේ නැහැ. උසාවියෙන් ලියකියවිලි හදාගෙන අනුත්තරා නංගියව ගෙදර එක්ක එනකොටත් එයාගේ පුංචි කකුල් දෙක ගිනිපෙනෙල්ලකින් පුච්චල දාපු ලකුණු තිබ්බ. අත් දෙක පුරා කැපුණු සලකුණු. ඇහැට උඩිනුත් කැපුමක්. කෙල්ලට වයස අවුරුදු 8ක් වගේ ඇති. ඇඟ හැම තැනම තුවාල කැලැල්. දරුවෙක්ට දෙන්න පුළුවන් හැම වද හිංසාවක්ම එයාට දීලා.


ලොකු තාත්තාටයි නැන්දටයි, මහ ලොකු සල්ලියක් නොතිබ්බා උනත්, එයාල අනු නංගියව බලාගත්තේ හරිම ආදරෙන්. එත් පුංචි කාලේ ඉඳන්ම පවුලේ අනික් අය එයාට කළේ වෙනස්කම්. පොඩිකමට මයුරි නංගි පහේ පංතියෙ ඉද්දි උනත් ඇවිත් කිව්වේ, “අවුරුද්දට එනකොට එයාට තෑගි ගෙන්න එපා අක්කේ, එයා අපේ ලේ නෙවිනේ” කියල. අපේ ලේ... ලේ වල එහෙමත් වර්ගයක් තියෙනවා කියල මං දැන ගත්තේ එදා... ඒ අපේය කියපු ලේ කුලකෙට අයිති නොවුනත්, මොකක්ම හරි පෙර පුරුදුකමකට වගේ මගේ ආදරේ වැඩි පංගුව අයිති උනේ අනුට. කොළඹ අක්කා වෙච්ච මගේ අතින් අල්ලගෙන, හුරතල් වෙන්න පොරකාපු ගමේ නංගිලා දිහා අනු නංගි ඈත ඉඳන් බලන් හිටියේ, හරියට ඒ ආදරේට අයිතිවාසිකම් කියන්න එයාට බැරිවා වගේයි. ඒ හින්දමද කොහෙද ගමේ ගියාම, මගේ නංගි කියල වැඩිපුරම ආදරෙන් ළං කරගත්තේත් එයාව. හැම අවුරුද්දකටම අනික් අයට හොරෙන් වැඩිපුර දෙයක්, නැත්තම් පුංචි අරුමෝසම් බඩුවක් හරි එයා වෙනුවෙන් ගන්න මං කවදාවත් අමතක කළේ නැහැ.

අලුත්ම දෙයක් නැතත්, පරණ, ඇඳපු ඇඳුමක් ගෙනත් දුන්නත් එයාට සතුටුයි. පාරේ ඇවිදිනකොට පිපිලා තියෙන කැලෑ මලක් දිහා බලල සතුටු වෙන්න පුළුවන්, ගස් අස්සෙන් ඇහෙන කුරුලු කිචි බිචියකින් සිංදුවක් හදාගන්න පුළුවන් ලස්සන අහිංසක හිතක් එයාට තිබ්බේ. අනික් හැමෝම අරක අරන් එන්න මේක අරන් එන්න කියද්දි කවදාවත්, එයාට ඕනෙම කරන දෙයක්වත් ඉල්ලලා නැහැ. ලොකු ළමයෙක් උන දවසේ, එයාට උත්සවයක් තිබ්බෙත් නැහැ. දිය නෑව්වේ අපේ කිරි අම්මා. පස්සේ පුළුවන් විදිහට චූටිම චුටි කරාබු දෙකක් ගෙනත් දුන්නා මං. කෙල්ලගෙ කන පාලුවට තියන්න දුක නිසා.


කෙල්ල අ.පො.ස සාමාන්‍ය පෙළ කළාට මොකො ගණන් පාස් වෙන්න බැරි උනා. එයාලගේ ඉස්කෝලේ ගණන් වලට, ඉංග්‍රිසි වලට ගුරුවරු නැහැ. ඉස්කෝලයක් කිව්වට, ඒක ටකරං මඩු ගොඩක්. ඉස්සරම නම් පොල් අතුලු... ඒ කිව්වේ අපේ තාත්තලගෙ කාලේ. දැන් ටිකක් හොඳයි. ඉතිං පුළුවන් අය අමතර පංති වලට යනවා. බැරි අය... ඒ වගේ දුෂ්කර ගමක ඉන්න බැරි අයට ඉතිං දෙවි පිහිටයි තමා. මට ඕවා කිව්වෙත් බලෙන්ම ඇහුවම. ඒ කාලේ වෙද්දිත් තමන්ගේ ප්‍රශ්න එක්කො තනියෙම විසඳ ගන්න හරි ඉවසල විඳදරා ගන්න හරි එයා පුරුදු වෙලා හිටිය නිසා වෙන්නැති ඒ. මං එයාට සල්ලි දිලා, එත් එක්කම ලියුමක් යැව්වා. නංගි ආයේම විභාගේ කරන්න. මං හැම මාසේම ඔයාට සල්ලි එවන්නම් අමතර පංති වලට කියල. එත් එයා මට ලියල එව්වා, අක්කේ මගේ තාත්තා ගොඩාක් දුක් විඳිනවා මට කන්න අඳින්න දෙන්න, මට බැහැ තවත් එයාට කරදර කරන්න, මං ඒ නිසා ගාමන්ට් එහෙක වැඩ කරන්න ගත්තා කියල.

ජනවාරි මාසේ උපන් නිසා, එයාට යන්තම් 16ක් උනා විතරයි. ගාමන්ට් එකත් සෑහෙන්න දුරයි, මේ ළමය මගටම දිය වෙලා යාවි. අනික ගාමන්ට් එකක, එහෙමත් නැත්තම් ඇඟලුම් කම්හලක සේවය කරන කෙල්ලෝ ගැන ඇහෙන කතා... අනේ මන්ද. ඔයාගේ කැමැත්තක් කියල ලියල යැව්වේ, ඊට එහා මට කියන්න දෙයක් නැති නිසා. අනික් නෑදෑයෝ අතරත් ගිය කසු කුසුව එච්චරම හොඳ එකක් නෙවි... පවුලේ කවුරුත් නොකළ වැඩක්. අවනම්බුවක්... ඔහොමයි එයාල කිව්වේ. කවුරු මොනවා කිව්වත් අනු නංගි වැඩට ගියා. උදේ මහ පාන්දර ගිහින්, රෑ වෙලා ආවා. හම්බ කරන සල්ලි එකතු කලා, අම්මවයි තාත්තාවයි බලාගත්තා. ටිකෙන් ටික නෑයන්ගේ හිත්වල තිබුන කුණු නැති වෙලා ගියා. ලේ වෙනස් නේ කිව්ව අයම, මේ සුට්ටන් කෙල්ලගේ හිතේ තියෙන හයිය ගැන කතා කලා.

ඒ වයසේ, එහෙම දුකක් විඳපු අනික් ගමේ කෙල්ලෝ, තියෙන හොඳම විදිහ විදිහ හැටියට සලකල කොල්ලො එක්ක පැනල යද්දි, අනු, අල බතල කාල හරි වැඩට ගියා. අවුරුදු 21 වෙද්දි, එයා අවුරුදු පහක් රස්සාව කරල. අන්තිමට කෙල්ලට කොල්ලෙක් හම්බ උනා. ඉස්සර කියවපු පොත් වල උන්නා වගේ කුමාරයෙක් නම් නෙවි, එයා වගේම කෙනෙක්. “සල්ලි නම් නැහැ අක්කේ එත් හරිම හොඳයි”... එහෙමයි එයා මට අමිල මල්ලි ගැන කිව්වේ. “අක්කේ, අපිට මඟුලක් කන්න තරම් සල්ලි නැහැ. අපි මේ මාසේ රෙජිස්ටර් වෙනවා”.  ඒ ඉන් පස්සේ ආපු පණිවිඩය. ආයේ කියන්නත් දෙයක්ද, මගේ ආශිර්වාදය එයාට දුන්නා. "හොඳ දෙයක් කරන්න රත්තරං".

මාස දෙකකට විතර කළියෙන් ත්‍රීවීල් එහෙක අම්මයි නැන්දම්මයි එක්ක ටවුන් එකට ගිහින් විවාහය ලියාපදිංචි කරගෙන ඇවිත් දෙන්නාම පදිංචි උනෙත් ලොකු තාත්තල එක්කමයි. කොහොමත් ලොකු තාත්තාගේ පණ දෝනි. දූ නැතිව කන්නේවත් නැහැ. දූටත් එහෙමයි. අනික අමිල මල්ලිට වෙනම ගිහිං පදිංචි වෙන්න තරම් වත්කමක් තිබ්බෙත් නැහැ. මයුරි නංගි කෙටි පණිවිඩයක් එවලා කිව්වා, කෙල්ල මඟුලට ඇන්දේත් රෝස පාට නිකම්ම නිකම් සාරියක් කියල. රත්තරං තියා, රිදීයෙන්වත් මුද්දක් ගන්න වත්කමක් නැති නිසා, දෙන්නම පාරේ අයිනේ 50/-ට විකුණන්න තියෙන මුදු දෙකක් දාගෙන.

හිතාගන්න බැහැ... ගැනු ළමයෙක් හැටියට එයා මොන හීන දකින්න ඇද්ද එයාගේ විවාහ උත්සවය ගැන.... හ්ම්...


ඉඩකඩ නැතත්, ආදරෙන් පිරුණු පුංචි පවුලක්. රෑ කෑම එක හතර දෙනාම කෑවේත් එකට. අලුත් ජොඩුව රෑ වෙලා ගෙදර එද්දි, ලොකු තාත්තා වතුර උණු කරල තියෙනවා. මේ දවස් වල සීතල නිසා, නංගි අසනීප වෙයි කියල. එච්චරටම ආදරෙයි. ලොකු තාත්තට හරියට ඕනකමක් තිබ්බා, මුණුබුරෙක්ගේ හරි මිණිබිරියකගේ හරි මූණ බලන්න. එත් අවාසනාවකට වගේ එයාට සදහටම මේ ලෝකෙන් යන්න උනා. අපි කවුරුවත්ම නොහිතපු වේලාවක, හදිසියෙන්ම. "අක්කේ, ලොකු තාත්තා නැති වෙලා" කෙටි පණිවිඩය මයුරි නංගිගෙන් ලැබුණු ගමන් අපි හැමෝම ගමට ගියා. ඒ වෙනකොටත් ඉතිං වෙන්න ඕන හැමදෙයක්ම වෙලා ඉවරයි. හැමෝම කිව්වේ ලොකු තාත්තා ගෙනාව ආයුෂ ඉවර ඇති කියල. කාටවත් කරදරයක් නොකරපු, හැමෝගෙම ආදර ගෞරව ලබපු අහිංසක මනුස්සයෙක් ලෝකෙන් යන්න ම යන්න ගිහින්.

.
.
.

හිනෙකින් වගේ පහු ගිය කාලේ මතක් වෙද්දිම, සුදු නංගි මගේ අතෙන් ඇදගෙන එළියට දිව්වා.
“අනේ අක්කේ මගේ රත්තරන් තාත්තා ආයේ ගෙදර එන්නෙ නැහැලු”........ අනු නංගි අඬාගෙනම මගේ උරහිසට වාරු උනා.




Sunday, February 16, 2014

ලිව්වේ බඩී වෙලාව 8:34 PM | 24 comments

Online Love

ඉස්සරම කාලේ යාළු වුනේ, සල්පිලක වගේ දැකල...
.
පස්සේ අරයගේ මෙයාගේ යාළුවා වෙඩිමකදි / ගෙදරකදි දැකල... එහෙමත් නැත්තම් එකට වැඩ කරල... එහෙමත් නැත්තම් පාසල් ප්‍රේමය හරි ටියුෂන් ප්‍රේමය හරි...
.
ඊලඟ ට්‍රේන්ඩ් එක උනේ මිස් කෝල් එකක්...
.
දැන් අළුත්ම එක ෆේස් බුක් එහෙමත් නැත්තම් ඔන්ලයින් ලව්.
.
මගේ හොඳම යාළුවෙක් ඉන්නවා, ෆේස් බූක් එක නිසා යාළු වෙලා, බැඳල දැන් සතුටින් ඉන්න. ඒ වගේම සීයකට වඩා උදාහරණ තියෙනවා ෆේස් බුක් ලව් අවුල් වෙලා, ජිවිතේම ඇණ ගත්තු අය..... කොහොමහරි මේ ඒ හැමොම වෙනුවෙන්.


ගුඩ් මෝනින්
ඔයාට කොහොමද බබා
හොදින් නේ
අද එන්නත් පරක්කු උනා
කම්මැලිකමෙන් මං හිටියේ
ඔයා නැතිව දැන් ඉන්නම බැහැ
සංසාර පුරුද්දද කොහෙද
මේ...
වහිනවත් එක්ක
ලගවත් හිටිය නම් මේ වෙලාවේ
ස්කයිප් එන්න බැරිද
හරිම ලස්සනයි ඔයා
ආස හිතෙනවා
කවද්ද මං ඔයාව බලන්නේ
නැහැ නැහැ
මං කියන්නේ ඇත්තටම
ඉවසිල්ලක් නැහැ දකිනකන්
හ්ම්..... හරි.
එහෙනම් මං බලන් ඉන්නවා.
ආදරෙයි



පී. ඇස් : ඔන්න ඔහොමයිලු වෙලා තියෙන්නේ ඇන්ඩ් වෙන්නේ... වෙන්නෙත් බොහො දුරට. දෙන්නට දෙන්න ගැලපෙනවා නම් ඉතුරු සාධක හැම එකක්ම වැඩකට නැති දෙයක් වෙනවා.  Vice Versa ;)

Tuesday, January 28, 2014

ලිව්වේ බඩී වෙලාව 11:05 PM | 20 comments

ආදරේ ගැන....................


හ්ම්..... ආදරේ ගැන....

දන්නවාද? ආදරේ කියන්නේ හරිම ලස්සන දෙයක්. දවල් කෑම එක කන ගමන් කිටී මට කියනවා.

නවකතාවල නෙහ්?” මං එයාට විහිළු කරනවා. එයාව බොරුවට කෙන්ති ගස්සන්න හිතාගෙනම නෙවි, එත් මගේ හිත මට එහෙම කියන නිසා. කොහොමත් කිටීට කෙන්ති යනවා මං දැකලම නැහැ. එතකොට මං ආදරේ ගැන විස්වාශ කරන්නේ නැත්තේ ඇයි කියල කිටියා මගෙන් අහනවා.