හ්ම්.....
ආදරේ ගැන....
“දන්නවාද? ආදරේ කියන්නේ හරි…ම ලස්සන දෙයක්”. දවල් කෑම එක කන ගමන් කිටී මට කියනවා.
“නවකතාවල නෙහ්?”
මං එයාට විහිළු කරනවා. එයාව බොරුවට කෙන්ති ගස්සන්න හිතාගෙනම නෙවි, එත්
මගේ හිත මට එහෙම කියන නිසා.
කොහොමත් කිටීට කෙන්ති යනවා මං දැකලම නැහැ. එතකොට මං ආදරේ ගැන විස්වාශ කරන්නේ නැත්තේ ඇයි
කියල කිටියා මගෙන් අහනවා.
මං එයාට පණ්ඩිතකමට උත්තර දෙනවා... “ඒක මහ බොරුවක්”.
“ඇයි ඔයා එහෙම හිතන්නේ?” ඕන්න ඊලඟ ප්‍රශ්නේ. මෙයාටත් මහ පුදුම ප්‍රශ්න තමා අහන්න හිතෙන්නේ එක වේලාවකට, කියල තනියෙම හිතන ගමන් එයාට දෙන්න පණ්ඩිත උත්තරයක් හිතනවා. හැබැයි ඇත්තටම සමහර වේලාවට මං හිතන දෙවල් විකාරයි තමා. ඒවා තවත් කෙනෙක්ට පැහැදිලි කරල කියාගන්න මටම තේරෙන්නේ නැහැ.
“හ්ම්.... විඳල, විඳවල තියෙන දේවල් වලට අනුව, බැඳිමක් කියන්නේ සදාකාලික දෙයක් නෙවේ. මං මගේ අත්දැකිම්ම විතරක් අරන් නෙවේ කිටී කියන්නේ. ඔයාල හැමෝගෙම.”
“ඔයාට පිස්සු පපි.” කිටි එහෙම කියන්නේ මාමයිට් සැන්ඩ්විච් එකක් කටේ ඔබා ගන්න ගමන්. ඒක මගේ... එයා ගෙන්නේ බත් නේ. හැමදාමත් වගේ අපි ඒක කන්නේ පස්සේ වේලාවක.
“ඔයා නොදන්නවා උනාට අපි හැමෝටම ටිකක් වෙන්න පිස්සු කෙල්ලේ. අර කලින් කිව්ව කතාවට තවත් එකතු කරන්නම්කෝ... හ්ම්... හොඳයි දැනිල නැද්ද ඔයාට… අපි ආදරේ කරද්දි, අපිට එයා මාර ලස්සනයි.... පට්ට හැන්ඩි. නැත්තම් සෙක්සි. එත් ඇත්තටම බැලුවොත් මනුස්ස ඇඟක් ගත්තහම කොච්චර පිළිකුල් කරන්න පුළුවන් දෙවල්ද තියෙන්නේ? දාඩිය, කෙළ, සෙම, ඔය හැම එකක්ම අපි ඒ ආදරය කරන මනුස්සයා එක්ක ඉන්න කොට පිලිකුලක් හැටියට දැනෙන් නැහැ නෙහ් ඒ උනත්? දැන් පොඩ්ඩක් "ආදරය" කියන කන්සෙප්ට් එකෙන් ඈත් වෙලා හිතල බලන්න. දාඩිය ගැන? කොච්චර පිළිකුල් සහගත දෙවල්ද කියල එත් ආදරය කරද්දි දාඩිය නාගෙන ආවත් පුදුම සුවඳක් තියෙන්නේ, අපි අත්දිගැරලා බදාගන්නවා. එහෙම නේ? එතකොට ආදරය කියන හැඟිම නිසයි අපිට ඒ පිලිකුල් කල යුතු දෙවල් ගැන පිලිකුලක් නොදැනුනේ. ඒ කියන්නේ ආදරය කියන හැඟිම අපේ ඔළුවේ මොකක් හරි මඟුලක් කරනවා, අපිව මුලා කරන්න. එහෙමත් නැත්තම් ආදරේ කරද්දි අපේ දිව, නාහය වගේ ඒවා වැඩ කරන එක නවතිනවා ඇති, තාවකලිකව.”
“ඊයා... ඔයා මහ ඌරු කථා කියන්නේ. මට කන එකත් එපා උනා.” කිටී මට රවනවා. එත් එයා කන එක නවත්තන්නෙත් නැති නිසා මං දිගටම කියවගෙන යනවා.
“හරි ඉන්නකෝ කියනකන් කෙල්ලේ.... එතකොට ඒ ආදරේ ඇත්ත කොහෙද තියෙන්නෙ? ආදරේ ඇත්තක් තියෙනවා නම්, ඇයි මේ බඩ බැදගෙන ආදරේ කරන ඈයෝ කසාඳ බැඳල ඩිවොස් වෙන්නෙ? හ්ම්.... මට හිතෙන හැටියට නම්, ගොඩාක් වෙලාවට මුලින්ම අපි තාවකාලික ආකර්ශනයක් ඇති කරගන්නවා පුද්ගලයෙක් ගැන. එතකොට, ඒ මොහොතෙදි මං කියන්නේ, අපිට දැනෙන ස්වාභාවික සංවේදන හැම එකක්ම වගේ අපි වෙනස් කරනවා. එත් කාලයක් ගියාම අපි ආයේ යතාතත්වයට එනවා. එතකොට වෙන්න පුළුවන් දේවල් තුනක් තියෙනවා, එකක් තමයි, මේ මනුස්සයා ඇත්තටම හොඳයි වගේ දෙයක් නිසා හරි ඒකට සමාන දෙයක් නිසා, බැඳිම තවත් තහවුරු වෙන එක. අන්න එහෙම උනොත් නම් සුපිරි. එහෙමත් නැත්තම් සමාජ සම්මත නිසා හරි වෙනයම් බාහිර හේතු නිසා අපි එයාත් එක්ක මුළු ජිවිත කාලයම වෙන් නොවී ඉන්න හිතා ගන්න එක. ඒක එත් කවද හරිම ඉතිං දෙපැත්තම විඳවන සම්බන්ධයක් වෙන්න තියෙන අවස්ථාව වැඩි. එහෙමත් නැත්තම් වෙන් වෙන එක තමා අනිත් ඔප්ශන් එක. වෙන් වෙන්නෙ ගොඩාක් වේලාවට අපිට සුදුසුම දේ ඒක නිසා. එත් අනික් එක්කෙනාට ඒක එහෙමම නොවෙන්නත් පුළුවන්. මොනව කරන්නද... අපි හැමොම ආත්මාර්ථකාමි නෙහ්?”

“ඔයා හරි………ම පණ්ඩිතයි”
කිටි කන ගමන් මං දිහා බලාගෙන කියනවා. මං කියවන එක නවත්තන්නේ නැහැ. කොහොමත් ඔහේ ඔළුවට එන ඕනෙම දෙයක් කියවන්න පුළුවන් කිටීයා එක්ක විතරයි.
“මුලින්ම තිබ්බ ඒ ආකර්ශනය නැති වෙලා ගියාම, ගෑණිට මිනිහව රුස්සන්නේ නැහැ. මිනිහට ගෑණිව රුස්සන්නේ නැහැ. එන්න එන්නම වැරදි පෙන්න පටන් ගන්නවා. මුලින්ම ඉවසපු දෙවල්, දැන් දකිද්දි කෙන්තියෙන් කෑගහන්න පටන් ගන්නව. ඉස්සර දැකපු ලස්සන, දැන් නම් හිරිකිතයි. ඉස්සර සුදො, මගේ පණ කියපු දෙන්නා තුඃ නොදකින් කියන ගාණට සෙට් වෙලා අන්තිම වෙද්දි. ඉතින් කෝ අර අවංක නිකැළල් ආදරය? කස්ටියගේ බොරු බයිල.... මං කැමති ඒ ආදරය නැති නොවෙන්න ජිවත් වෙන්න. එහෙම පුළුවන් වෙයිද කියන්න මං දන්නේ නැහැ. එත් එහෙම පුළුවන් උනොත්, එහෙම නම් අනිවාර්යෙන්ම මං ඒ විදියට ජිවත් වෙනවා.”
“ඔයා හිතනවද ඔයාට එහෙම ආදරයක් ලැබෙයි කියලා පපි?” කිටියා ඔළුව පැත්තකට හරවල මගෙන් අහනවා. එහෙම බලද්දි මට හිනා යනවා.
“මං දන්නේ නැහැ කිටියෝ. එත් මං එහෙම ආදරයක් හොයනවා. තේරුම් ගන්න පුළුවන්, කථා බහ කරන්න පුළුවන් කෙනෙක් ලැබුනොත්, එතකොට මේ හැමදෙයක්ම කියල, ඒ විදිහට ජිවිතේ හදාගන්න පුළුවන්. එහෙම නේද?”
කිටියා මං දිහා අමුතු විදිහට බලන් ඉද්දි, මං ඉතුරු වුන පාන් පෙත්ත කටේ ඔබා ගන්නවා.
(කිටීයගේයි මගෙයි කතාවක්)
(කිටීයගේයි මගෙයි කතාවක්)
සර්වකාලීන මාතෘකාවක්...දිගටම ලියමු...සුභ පැතුම්.
ReplyDeleteස්තුති අයියා :) ඇවිත් කියවල ගියාට.......
Deleteඇයි කිටි කියල දැම්මෙ. පවුල දැක්කොත් ඉවරයි :)
ReplyDeleteජය වේවා..
කව්ද දන්නේ උයාගේ පවුලක් කිටියෙක්ය කියල.... ස්තුති ඇවිත් කියවල ගියාට :)
Deleteමම හිතුවා මේක ලියන්නේත් සැම් ද කියලා. බැදපු අලුත ඔහොම බ්ලොග් වල ඉන්න පුලුවන්ද කියලා හිතුනා. ආදරේ නිර්වචන මට නම් නැ
ReplyDeleteආදරේ.... අනේ මන්ද නේ දේව්?
Deleteනියම කතාවකින් බ්ලොග් එක පටන් අරන් :)
ReplyDeleteමං ආසයි මේ ලියල තියෙන ස්ටයිල් එකට.. මේ විදිහට ලියපු පොතක් කියවල තියෙනව..සොෆී ගේ ලෝකය ද මන්ද...
කොහොම වුණත් ලස්සනයි..ඔයා හිත ත් එක්ක කරපු සංවාදයක් වගේ මේක..
අලුත් බ්ලොග් එකට සුබපැතුම් බඩියෝ :)
බඩියා මින් පස්සේ මේකේලු....... ස්තුති ආවට. ;)
Deleteමේ ඉට්ටයිල් එක නම් මරු, කිටී ..හ්ම්ම.....ඒක ටිකක් අමුතුයි
ReplyDeleteටිකක් විතරයි අමුතුයි.... ;) කිටි කියන්නේ මගේ හොඳම යාලුවා.
Deleteහොඳට දැනෙන දේක අමතක වෙන/අමතක කරන දෙයක් අනාවරණය කරලා තියෙනවා. තව තවත් වටින දේවල් ලියන්න..
ReplyDeleteටංකූ වේවා, හොඳේ? ;)
Deleteම්ම්ම් ..දිගටම ලියමු ....
ReplyDeleteකතාව නම් ටිකක් අයාසයෙන් කියෙව්වෙ ;)
කතාව අවුල්ද? මලා :(
Deleteලියමු දිගටම එහෙනම්..
ReplyDeleteබයි ද වේ - කිටි & පපි කියන්නේ ජන්මාන්තර ගේම ඉල්ලන උන් දෙන්නෙක් නේ
මේ කිටියයි පපියයි එහෙම නැහැලු නිමේෂ් අයියා.... ඉස්කොළේ කාලේ ඉඳන් හොඳම යාළුවෝලු ;)
Deleteඅපෙ අප්පේ.. හිතලා තියෙන දුරක්! :) ලස්සන හිතට දැනෙන නිර්මාණ ගොඩාරියක් එකතු කරන්නට නාඩියාගෙන් සුභ පැතුම්!
ReplyDeleteවෙන දෙවල් බැලුවම නොහිත බැහැ නෙව. ස්තුති මේ පැත්තේ ඇවිත් ගියාට වගේම ඔයාගේ සුබ පැතුමටත් ... :)
Deleteඅලේ ජයවේවා බඩියෝ...බ්ලොග හංගන් හිටියට දෙන්න ඕන දෙකක්;
ReplyDeleteහැංඟුවේ නැහැ සත්තලන් <3
Delete