Sunday, February 16, 2014

ලිව්වේ බඩී වෙලාව 8:34 PM | 24 comments

Online Love

ඉස්සරම කාලේ යාළු වුනේ, සල්පිලක වගේ දැකල...
.
පස්සේ අරයගේ මෙයාගේ යාළුවා වෙඩිමකදි / ගෙදරකදි දැකල... එහෙමත් නැත්තම් එකට වැඩ කරල... එහෙමත් නැත්තම් පාසල් ප්‍රේමය හරි ටියුෂන් ප්‍රේමය හරි...
.
ඊලඟ ට්‍රේන්ඩ් එක උනේ මිස් කෝල් එකක්...
.
දැන් අළුත්ම එක ෆේස් බුක් එහෙමත් නැත්තම් ඔන්ලයින් ලව්.
.
මගේ හොඳම යාළුවෙක් ඉන්නවා, ෆේස් බූක් එක නිසා යාළු වෙලා, බැඳල දැන් සතුටින් ඉන්න. ඒ වගේම සීයකට වඩා උදාහරණ තියෙනවා ෆේස් බුක් ලව් අවුල් වෙලා, ජිවිතේම ඇණ ගත්තු අය..... කොහොමහරි මේ ඒ හැමොම වෙනුවෙන්.


ගුඩ් මෝනින්
ඔයාට කොහොමද බබා
හොදින් නේ
අද එන්නත් පරක්කු උනා
කම්මැලිකමෙන් මං හිටියේ
ඔයා නැතිව දැන් ඉන්නම බැහැ
සංසාර පුරුද්දද කොහෙද
මේ...
වහිනවත් එක්ක
ලගවත් හිටිය නම් මේ වෙලාවේ
ස්කයිප් එන්න බැරිද
හරිම ලස්සනයි ඔයා
ආස හිතෙනවා
කවද්ද මං ඔයාව බලන්නේ
නැහැ නැහැ
මං කියන්නේ ඇත්තටම
ඉවසිල්ලක් නැහැ දකිනකන්
හ්ම්..... හරි.
එහෙනම් මං බලන් ඉන්නවා.
ආදරෙයි



පී. ඇස් : ඔන්න ඔහොමයිලු වෙලා තියෙන්නේ ඇන්ඩ් වෙන්නේ... වෙන්නෙත් බොහො දුරට. දෙන්නට දෙන්න ගැලපෙනවා නම් ඉතුරු සාධක හැම එකක්ම වැඩකට නැති දෙයක් වෙනවා.  Vice Versa ;)
Categories:

24 comments:

  1. Online love ends when it comes to offline (To me) hak hak

    ReplyDelete
  2. දෙන්නට දෙන්නා ගැලපෙනවා නම් එච්චරයි. සෙට් උනේ සයිබරෙන්ද කොහෙන්ද කියනවට වඩා වැදගත් ගැලපීමයි. නේද බඩී?

    ReplyDelete
    Replies
    1. එකෙන්ම........ ගැලපෙනවා නම් කොහෙන් උනාම මොකො. :)

      Delete
  3. හුමු වීම කෙසේ වෙතත් පැවතීම තමයි වැදගත්.. හැබැයි අව්ලකට තියෙන්නෙ දැන් ගොඩක් දේවක් trends වෙලා.. මතුපිට දිස්නෙ විතරයි, ඇතුළත හිස්.

    ReplyDelete
    Replies
    1. //හමු වීම කෙසේ වෙතත් පැවතීම තමයි වැදගත්// එකෙන්ම... පැවතිම ඇති වෙන්නේ තේරුම් ගැනිම මත නේද? :)

      Trends තමා ගොඩාක් දේවල්. අරය කලාම, මෙයා කරනවා, මෙයා කලාම අපි කරනවා... හරි හෝ වැරදි හෝ. ;)

      Delete
  4. එන්ලයින් සැට් වුණු
    මනමාල කුරුල්ලා
    හිත දුකක් රදවලා
    බෝ දුරක ගිහිල්ලා...
    ආයෙ ඒවිද
    කවද ඒවිද
    හිත හිතා ලතවෙවී
    තාමත් මග
    බලාන
    මම

    අවන්හල

    ReplyDelete
    Replies
    1. ස්තුති ඇවිත් ගියාට :) ආයෙමත් ඉඩක් ලැබුනු වේලාවක එන්නකෝ :)

      Delete
  5. හෙක්...හෙක්...එල ..එල...& පස්ට ... :)

    ReplyDelete
  6. සයිබර් අවකාශයේ ප්‍රේමය​, අන්තර්ජාලය කියන්නෙ නිවැරදිව භාවිතා කරන්න දන්න කෙනා හොඳ ප්‍රතිඵල ලබන​, නොදන්න කෙනා නරක දේ ලබා ගන්න දෙයක්..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ශැගි. නරකයි නරකයි කිව්වට, හොඳ දෙවල් තියෙනව අන්තර්ජංජාලේ, අනික් අතට නරකට භාවිතා කලොත් නැත්තටම නැති වෙනවා. :)

      Delete
  7. මිනිස්සු නොයෙකුත් හේතුන් මත බැඳීම් ඇති කර ගන්නවා ...
    සමහර බැඳීම් පැවතෙන්න බැරි බව දැනුනම සමහරු යාථාර්තවාදිව හිතලා ඒවායින් මිදෙනවා ,සමහරක් අසාර්ථක බව දැන දැන මිරිගුවක් පස්සේ දුවනවා...

    ඔන්න ඔහොමයි බැඳීම් වල තත්වේ ... බැඳීමේ පුර්විකාව මොන විදියෙන් ඇති උනත් අන්තිමට ඒවා අයිති වෙන්නේ සාමාන්‍ය බැඳීම් කියන කුලකෙට විතරයි ...

    සයිබර් ප්‍රේමයන් අසාර්ථකයි කියන්න බෑ හැබැයි බහුතරයක් සාර්ථක නෑ ...

    ReplyDelete
    Replies
    1. //සයිබර් ප්‍රේමයන් අසාර්ථකයි කියන්න බෑ හැබැයි බහුතරයක් සාර්ථක නෑ ...// සම්පුර්ණයෙන්ම එකඟයි :)

      Delete
    2. //සමහර බැඳීම් පැවතෙන්න බැරි බව දැනුනම සමහරු යාථාර්තවාදිව හිතලා ඒවායින් මිදෙනවා ,සමහරක් අසාර්ථක බව දැන දැන මිරිගුවක් පස්සේ දුවනවා//

      .............................

      Delete
    3. ලැම්බා : //සමහර බැඳීම් පැවතෙන්න බැරි බව දැනුනම සමහරු යාථාර්තවාදිව හිතලා ඒවායින් මිදෙනවා ,සමහරක් අසාර්ථක බව දැන දැන මිරිගුවක් පස්සේ දුවනවා// හ්ම්ම් හ්ම් හ්ම්..................

      Delete
  8. හරියට ම කිව්වොත්,

    ඉස්සෙල්ලම යාළු වුණේ වෙන එකෙකුගෙ කරදරෙන් බේරල දීල
    ඊට පස්සෙ කකා හිටපු කුරුමිණියගෙං කෑල්ලක් දීල යාළු වුණා
    සමහර වෙලාවට තමංගෙ ඇ‍ඟපෙත් හයිය පෙන්නල...
    කාලයක් ගියාට පස්සෙ,
    තමංගෙ ගුහාවෙ අනිත් උංට වඩා කෑම ජාති තියෙනව කියල පෙන්නල,
    නැත්තං කෑම මෙනවහරි කෙල්ලගෙ රංචුවෙ උංට දීල
    ඒකෙම දියුණු අවස්ථාවක් විදියට කෙල්ලගෙ දෙමව්පියන්ට හරක් බානක් දීල...
    ඊළඟට බඩිය කියපු ඒව...
    ඔන්න ඔහොම යාළු වෙන ක්‍රම වෙනස් වුණා, අලුත් වුණා...
    මේ හැම එකක් ම සාර්ථක වුණු වගේ ම අසාර්ථක වුණු අවස්ථා ත් තියෙනව...
    මූණුපොත, කෙටි පණිවිඩ, ස්කයිප් වගේ ඒව ත් අර වගේ ම ක්‍රම විතර යි..
    සමහරක් සාර්ථක වෙනව, සමහරක් අසාර්ථක යි..
    ඒ කොයි ක්‍රමයෙත් හැටි..තව ටික කාලෙකින් ඕව official ක්‍රම වෙන්න ත් බැරි නෑ..
    එක ම දේ කට්ට කාල හොයාගත්ත කොල්ල හෝ කෙල්ල එක්ක දිගුකලක් පවතින සම්බන්ධයක් තියාගන්න එක..ග‍ඟකින් ඒෙගඩ වුණාට පස්සෙ පාරුවෙ ඇද හොයන්න ගියොත් යන ගමන මග නවතීවි....

    හොඳ පෝස්ට් එකක් බඩියො :)

    ReplyDelete
    Replies
    1. "There is No such thing as a Perfect Relationship... It is how two People deal with their imperfections that make it Perfect"

      ස්තුති... ආවටත්, කියෙව්වටත් :)

      Delete
  9. හැක හැක මම නියෝග කරනවා ෆේස්බුක් තහනම් කරන්විටම මේ බ්ලොගයද තහනම් කරන ලෙස...:D .. සාපේක්ෂව සයිබරය නිසා සාර්ථක වුනාට වඩා අසාර්ථක වෙච්ච කතා වැඩියි නේද?

    ReplyDelete
    Replies
    1. අනේ, එහෙම කරන්න හොඳද මං අහන්නේ නේ මේ අසරණ මට? :D

      සාපේක්ෂව අසාර්ථකයි. හේතුව, මුලින්ම අඳුරගන්නේ කීබෝඩ් එක සහ නිශ්චල චායාරූප හරහා නේ. එකෙන් ඇත්තම පුද්ගලයව හඳුනා ගන්න අමාරුයි ඒ විදිහට. පස්සේ, මුණට මුණ හමු උනාම අවුල් වෙන්න පුළුවන්. :(

      Delete
  10. මං දන්නෑ ඔය ගැලපිලි >_<

    ReplyDelete
    Replies
    1. හලේ....... මාත් එමයි ;)

      Delete
  11. ක්‍රමය මොකක් උනත් දෙන්නා ගැලපෙන්න එපායැ..අවුල තියෙන්නෙ ඔන්ලයින් ගලපන්න ගියාම බොරු කරන්න ලේසි

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. :( එත් දැන් ඉතිං ගොඩාක් අය කනෙක්ට් වෙන්නේ ඕන්ලයින්....

      Delete